Books in Sinhala by Beeta Rajapaksha
අපේ ළමා ලෝකය:1950
වත්මන් දූ පුතුන්ට පෙර කාලයේ ළමුන් කළ කී
දේවල් දැනගැනීමත්, අද කාලයටත් වටිනා ඔවදන් ඉගෙනීමටත්, නැවත-නැවතත් කියවා රස විඳිය හැකි සැබෑ කතා 28ක එකතුවකි. |
අපිත් උයමු, රස මවමුමොන්ටිසෝරි පෙර පාසලක විදුහල්පතිනියගේ ඉල්ලීමක්
අනුව සම්පාදනය කෙරුණු මෙම පොත, ළමුන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරුණු ප්‍රථම සූප ශාස්ත්‍ර පොත වේ. ගින්දර හෝ විදුලි උපකරණ හෝ භාවිතයෙන් තොරව ළමුන්ට තනියෙන් පිළියෙල කළ හැකි වට්ටෝරු 20ක් ද වැඩිහිටියන්ගේ සුපරීක්ෂාව යටතේ පිළියෙල කළ හැකි වට්ටෝරු 20ක් ද වශයෙන් වට්ටෝරු 40කි. ඒ් සියල්ල ම පියවරෙන් පියවර විස්තර කර අැති අතර, අත්හදා බැලීමෙන් පසු ගත් ඡායාරූප ද අැතුළත් කර තිබේ. එමෙන් ම ගෙවතු වගාවට අත්වැලක් ද අැතුළත්ය. |
අපේ ළමා ලෝකය:1950 (2වන වෙළුම)
|
අපේ ළමා ලෝකයේ ආදර්ශමත් වැඩිහිටියෝ
|
වත්මන් දූ පුතුන්ට පෙර කාලයේ ළමුන් කළ කී
දේවල් දැනගැනීමත්, අද කාලයටත් වටිනා ඔවදන් ඉගෙනීමටත්, නැවත-නැවතත් කියවා රස විඳිය හැකි සැබෑ කතා 35ක එකතුවකි. |
1950 දශකයේ කතුවරියගේ ළමා කාලය තුළ
ඇයට ඇසුරු කිරීමටත්, අධ්‍යයනය කිරීමටත් ලැබුණු ආදර්ශමත් වැඩිහිටි ගැමි චරිත 12ක් පිළිබඳ සැබෑ කතා එකතුවකි. |
කටට රසට හනිකට උයමු
ගෘහිණියන්ටත්, සූප ශාස්ත්‍ර විෂය පිළිබඳව උනන්දුවක් දක්වන අන් සියල්ලන්ටත්, දෙෙනිකව මෙන් ම විශේෂ අවස්ථාවලටත් ප්‍රයෝජනවත් වන විවිධ අාහාර වට්ටෝරු සහ වටිනා උපදෙස්වලින් යුත් මෙම පොත අතීතයත්, වර්තමානයත්, අනාගතයත් යා කරන පාලමක් වැනිය...
|
අපේ යෞවන ලෝකය:1950
1950 දශකයේ කතුවරියගේ නව යොවුන් වියේදී මෙරට ඇති වූ සමාජමය සහ දේශපාලනමය පෙරළි පොදුවේ ලාංකීය සමාජයටත්, තම පවුලටත්, පාසල් මිතුරන්ටත්, ගමටත් බලපෑ අන්දම පිළිබඳ සැබෑ කතා 24ක එකතුවකි.
|
ගෙදර රසට එතෙරදි උයමු
රැකියා හෝ අධ්‍යාපන කටයුතු සඳහා හෝ විදේශගත වන
අයට රසට සහ පහසුවෙන් අාහාර පිසගැනීමට නැවිය හැකි වට්ටෝරු 30ක අත්වැලක්... |
අප අවට ලෝකය
ප්‍රාථමික පාසල් සිසුන් වෙනුවෙන් ස්වභාවධර්මයේ විවිධ
පැතිකඩ 7ක වැදගත් කරුණු අඩංගු වර්ණවත් සිතුවම් සහිත පොත් පිංච එකතුවකි... |
Quick links |
All rights reserved. Copyright ©2015–2023 Beeta Rajapaksha