“අපේ ළමා ලෝකය රචනා කිරීමට කතුවරිය
භාවිතා කර තිබෙන සුඛන්යමය භාෂා රටාව ළමා පාඨකයන් අවුස්සන සුළුය. කෘතියේ එන සුනඛ සුරතලුන් සමඟ පාසල් යාම, අප අකුරු ඉගෙන ගත්තේ මෙහෙමයි, රස පිරි අපගේ කාලයේ ලොසින්ජර, වී වපුරන දින ඉඹුල් කිරිබත් සෑදීම, අපගේ කාලයේ ක්රීඩා, දෙවියන්ගේ දානය, පියාගේ ගව සම්පත, අපගේ වැඳිරි සුරතලිය වැනි පරිච්ඡේද තුළින් වැඩිහිටියන්ද නිතැතින්ම ළමා ලෝකයට ගෙන යා හැකි පරිදි රචනා කර තිබේ. 'අපේ ළමා ලෝකය' සුන්දර සිදුවීම්වලින් සේම සිදුවීමට අදාළ විචිත්රවත් සිතුවම්වලින් අලංකෘත කර තිබීම කෘතියේ අගය තවත් වැඩි කරන්නකි.” – ලංකාදීප පුවත්පත “ශීඝ්රයෙන් වෙනස් වෙමින් පවතින වර්තමාන සමාජයේ පෙර මෙන් දරුවන්ට වැඩිහිටියන්ගෙන් අවවාද හා මඟ පෙන්වීම ලබා ගැනීමට අැති අවස්ථා අඩුය. |
“මෙරට පොත් කලාවට අලුත් අත්දැකීමක් එක් කරන
අපූර්ව කෘතියකි. දරුවන්ගේ සිත් වඩාත් අාකර්ෂණය වන අන්දමින් කුඩා ප්රමාණයෙන් සාක්කුවේ වුවද දැමිය හැකි මේ පොත්පිංච හත එක් එක් මාතෘකා යටතේ ලියැවී සකස්ව අගනා අැසුරුමක් මත බහාලිය හැකි පරිදි සකසා අැත. අව්ව, සුළඟ, සඳ, ඉර, ගස්වැල්, පරිසරය, වැස්ස යන මාතෘකා යටතේ මෙහි කරුණු විස්තර වේ. දරුවන්ට පරිසරය පිළිබඳ මනා වැටහීමක් මෙමගින් ලැබෙයි.” – ලංකාදීප පුවත්පත |
Quick links |